Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරනු පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඉන්දීය සංචාරය සඳහා වන දින මේ දක්වා තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඉකුත් නොවැම්බර් මස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් මස 28 වෙනිදා ඉන්දියාවේ සංචාරයක යෙදුණු අතර ඉන් මාස දෙකකට පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.