Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් ඕස්ට්‍රේලියාවට පරිත්‍යාග කළ සුරූපනිය

ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවට විශාල විනාශයක් සිදුව අවසන්ය.

ඉන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තරුණියක් නිරුවත් වී තිබෙනවා.

ඒ , ඇය තෝරාගත් පුණ්‍යායතන වෙත ඩෝලර් 10 කට වැඩි මුදලක් පරිත්‍යාග කරන ඕනෑම කෙනෙකුට ඇගේ නිරුවත් පින්තූරයක් යැවීමෙන්.

20 හැවිරිදි කයිලින් වෝඩ් පැවසුවේ මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් වල ප්‍රකාශ කර පැය 24ක් යාමට පෙර ඇමරිකානු ඩොලර් 100,000 ( රු ලක්ෂ 180 කට අධික මුදලක් ) ක් ජනතාව පරිත්‍යාග කර තිබු බවයි.

"මට මේ මේ වනවිට මිනිත්තුවකට පණිවිඩ 10 ක් ලැබෙනවා , නමුත් මගේ පෙම්වතා මේ නිසා මා සමඟ අමනාප වුනා" , ඇය The guardian පුවත්පතට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇයව ජනතාව මේ වනවිට හදුන්වන්නේ " නිරුවත් දානපතිනියක් " යන ගෞරව නාමයෙන්.