Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු පිල අතර පැවති පළමු පුහුණු තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් ඊයේ (12 දා) සමත්වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය (ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය) බ්‍රැම්ෆිෂර් ඕවල්හිදී පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මිෂාරාගේ සහකරු නවෝඩ් පරණවිතාන (මහින්ද විද්‍යාලය) පළමු ඉනිමේ තරුව විය. පන්දු 64 කදී ලකුණු 68 ක් ලබා ගනිමින් පරණවිතාන හතරේ පහර 12 ක් සහ හයේ පහර 1 ක් එල්ල කළේය.

ඩොබ්සන්විලීහි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කරගත් අතර එය හඹා ගිය සත්කාරක පිලට පන්දුවාර 44.1 කදී සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.