Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පක්ෂ නායක රැස්වීම අද (13) පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් මෙම රැස්වීම සඳහා සහභාගිවීමට නියමිතව ඇති අතර දැනට පාර්ලිමේන්තුවේ අහෝසිවී තිබෙන කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසිව තිබෙනවා.

ඒ අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අද දිනයේදී සාකච්ජා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.