Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සසෙක්ස් හි ආදිපාදවරයා හෙවත් හැරී කුමරු සහ ඔහුගේ මෙහෙසිය වන මේගන් මාකල් වගකීම්වලින් නිදහස් වීමට තීරණය කිරීමත් සමඟ පැන නැගී ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා මහරැජිණ විසින් රජ පවුලේ රැස්වීමක් කැදවා තිබෙනවා.

ඒ සඳහා චාල්ස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා හෙවත් විලියම් කුමරු, හැරී කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් සහභාගි වන අතර, දැන් කැනඩාව බලා ගොස් සිටින මේගන් ඊට සහභාගි වනු ඇත්තේ දුරකථන මාර්ගයෙන්.

ජ්‍යෙෂ්ඨ රාජකීයන් ලෙස සිය වගකීම්වලින් කොටසක් මුදා හැරීමටත් මූල්‍යමය වශයෙන් ස්වාධීනවීමටත් අපේක්ෂා කරන බව හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය දා ප්‍රකාශයට පත් කළා.