Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට එම පක්‍ෂය සූදානම් වනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ බහුතර මන්තී‍්‍රන් පිරිසක් ඒ සඳහා එකඟත්වය පළ කර ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි සඳහන් කළේ.

ලබන බ‍්‍රහස්පතින්දා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.