Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පසුගිය ජනවාරි 08 වැනිදාට යෙදී තිබූ උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ 36 වන ඡන්ම දිනයට සුබ පතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවූ ලිපියක් ඊයේ ලැබුණු බව උතුරු කොරියාව නිවේදනය කළා.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව වැඩිදුරටත් කියා සිටියේ එම ලිපිය ඍජුවම ඇමරිකා එක්සත් ජනපදයේ සිට එවා ඇති බවයි. එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලිපියේ දැක්වෙන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පුද්ගලික මට්ටමේ සබඳතාව අයහපත් නොවන බවයි.