Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පෘථිවියට ඔබ්බෙන් වූ විශ්වයේ ජීවීන් පිළිබඳ තොරතුරු සෙවීමට චීනය ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු ඊයේ ආරම්භ කළා.

මීටර 500 ක විශ්කම්භයක් සහිත මෙම දැවැන්ත දුරේක්ෂය නිරිතදිග චීනයේ ගුයිෂු ප්‍රාන්තයේ කඳුකරයක සවිකොට ඇති අතර, එය නම් කර ඇත්තේ ගුවනේ ඇස ලෙසයි.

2016 වසරේ ඉදිකිරීම් නිමා කෙරුණු මෙම දුරේක්ෂය පසුගිය කාලය තුළ අත්හදා බැලීමේ මෙහෙයුම් සිදුකළ අතර, එහි නිල මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි මෙලෙස ඊයේ ක්‍රියාත්මක කෙරුණේ.

ඉදිරි වසර තුනත් පහත් ඇතුළත අභ්‍යවකාශයේ රහස් රැසක් මෙමඟින් හෙළිකරගැනීමට හැකිවනු ඇතැයි චීනය විශ්වාස කරනවා.