Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

තරගය පරාජයට හේතුව නායකත්වය නම් තමන් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව ලසිත් මාලිංග පවසනවා.

ඉන්දීය කණ්ඩායම හමුවේ ලද විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් අනතුරුව දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

"සෑම අංශයක්ම අපි හරියට කරේ නෑ. තනි තනියෙන් ක්‍රීඩකයින් දක්ෂතා අතරට එන්න ඕනේ. මමත් සාර්ථක වුණේ නෑ. මේ තරගාවලියෙදී පන්දු යවන්නෙක් ලෙස බැලුවොත් මමත් අසාර්ථකයි. පන්තියේ ළමයි වැඩ කරන්නේ නැහැ කියලා මොනිටර්ව මාරු කරලා හරියන්නේ නැහැ" මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග කියා සිටියා.

මේ අතර ඉන්දීය කණ්ඩායම හමුවේ ලද විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු ශී‍්‍ර ලංකා පිල විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම සටහනේ පසු වුණේ 7 වන ස්ථානයේයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාව පසුකරමින් ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.