Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉදිරි මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට සූදානම්ව සිටින බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවයිනේ වැඩිම මනාප ප්‍රමාණයක් වාර්තා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

1994 වසරෙ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ චන්දිකා බණ්ඩාරනායක මහත්මිය මනාප 464,588ක් ලබාගත් අතර එම වාර්තාවද බිඳ හෙළීමට මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.