Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා එජාප මන්ත්‍රී කණ්ඩායම පෙරදා පෙරේදා පස්වරුවේ රැස් වූ නමුත් තීරණයකින් තොරව එම රැස්වීම නිමාවට පත්වුණා.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් විදේශ ගත වන බවත් ආපසු පැමිණි පසු ලබන බ්‍රහස්පතින්දා(16) දිනයේ දී නායකත්වය පිළිබඳ ඡන්ද විමසීමකට යා හැකි බවත්ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම ජනවාරි 15 වන දා සිදු කිරීමට දින නියම කර ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම නව දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා ලෙස තිස්ස අත්තනායක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.