Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමට දැනටමත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අකමැත්ත පළකර ඇතැයි බංගලාදේශ ක්‍රිකට් සභාපති නෂ්මුල් හසන් පවසයි.

පාකිස්තාන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පාකිස්තානයට අවශ්‍ය ටෙස්ට් තරගාවලියෙන් තරගාවලිය ආරම්භ කරන්නයි. 20-20 ලෝක කුසලානයට කිට්ටු කරලා පන්දුවාර විස්ස 20 තරගාවලිය පවත්වන්න ඔවුන් කැමතියි. නමුත් අපි කියන්නේ තරගාවලිය ජනවාරි අග හා පෙබරවාරි අතර කාලයට තල්ලු කරමු කියාය.

අපි යෝජනා කළේ පන්දුවාර 20-20 තරගාවලියකට පකිස්ථානයට යන්නයි.ඊට පස්සේ යලි බංගලාදේශයට ගිහින් පසුව ටෙස්ට් තරගාවලියක් සංවිධානය කරමු කියන එකයි අපි කියන්නේ.

විදෙස් පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මුෂ්ෆිකර් රහීම් නිසැකවම සංචාරයට එක් නොවන බව පැහැදිලි ව ප්‍රකාශ කර ඇති බවයි.