Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ප‍්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර මත ගැටුම් උග‍්‍ර වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් බ‍්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කෙරුණා.

රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානයේ නායකයා ලෙසත්, සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.

කෙසේවෙතත්, ඊට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය දැඩි ලෙස විරෝධය පළකරමින් ප‍්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකත්වයද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට ලබාදිය යුතු බවයි.

එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ වාදවිවාද මැද එම රැස්වීම අවසන් වුණා. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තින්දුවක් ගැනීම ද ලබන බ‍්‍රහස්පතින්දා තෙක් කල්දැමුණු බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.