Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද(10) පුනේ හිදී පැවැත්වුණා.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6 දැවී ලකුණු 202 රැස්කර ගත්තා.

ඉන්දීය කන්ඩායමේ පළමු කඩුල්ල ලෙස පන්දු 32 කදී ලකණු 52ක් ලබාගන සිටි ශිකර් දවාන් දැවී යන්නේ ලක්ෂාන් සදකැන්ගේ පන්දුවක් හමුවේ දනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

203 දැවැන්ත ඉලක්කයක් හඹායෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියා.

ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ඉතා හොඳ සබඳතාවයක් ගොඩනගා ගත්තා.

ඇන්ජුලෝ මැතිවුස්-31(19) දනන්ජය ද සිල්වා - 57(35)

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට ස්ථාවර වන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 123 පමණයි.

ඉන්දීය කණ්ඩායම ලකුණු 78 කින් තරගාවලියේ අවසන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

ඒ අනුව ඉන්දියා කණ්ඩායම 2-0 ලෙස මෙම තරගාවලිය ජයග්‍රහණය කළා.