Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දකුණු අප්‍රිකාවේ දි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්න කටයුතු කරනු ලබයි.

ඒ අනුව ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත වීමෙන් පසු දිවයිනෙන් පිටත්ව ගියේය.