Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා -ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පූනේ නුවර දී පැවැත්වීමට නියමිතයි.

ආබාධයකට ලක්වීම නිසා අද තරඟය සඳහා ඉසුරු උදාන එක් නොවන අතර ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

විස්සයි විස්ස දෙවන තරගයේදී ඉන්දියාව පහසු ජයක් වාර්තා කර ගත්තා.

ඒ අනුව මෙම තරඟයේ පෙරමුණ ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් තරඟාවලිය 1-1 ලෙස සම තත්ත්වයට පත්වනවා.