Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

. මේ වන විට රටේ ඇති වී තිබෙන විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් සමඟ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව කතාබහ යටපත් වෙමින් තිබේ. පසුගිය දෙසැ. 03 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීම අවස්ථාව වන විට මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව විශාල කතාබහක් මතුව තිබුණද ජනවාරි (03) වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවන අවස්ථාවේ ඒ පිළිබඳව කතාබහ නිවී ගොස් තිබිණි.

ඒ පමණක් නොව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතට පත්නොකළ යුතු බවටද නීතිපතිවරයා නිර්දේශයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පෙර කතානායකවරයා තමන්ට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන කතාබහ කළ බව සුනිල් හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ මොහොතේ කතානායකවරයාට කියා සිටියේ තමන් වෙත එවා තිබෙන සියලූම නීතිමය ලිපි ලේඛන කෝප් කමිටුවේ ලේකම්තුමිය මගින් කතානායකවරයාට එවිය හැකි බවත් එම නීතිමය ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව කතානායකවරයාට එකී විගණන වාර්තා මන්ත‍්‍රීවරුන් අතට පත් කළ හැකිද යන්න තීරණය කළ හැකි බවත්ය.

එය එසේ තිබියදී පාර්ලිමේන්තුව කැඳවන දිනයේ නීතිපතිවරයා නිර්දේශ කොට එවා තිබුණේ විගණන වාර්තා මන්ත‍්‍රීවරුන් අතට පත් නොකළ යුතු බවයි.

”එදා කතානායකවරයා කළේ නීතිපති එවලා තිබුණ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක පමණයි. නමුත් කතා නායකවරයාට තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවෙන් මේ විගණන වාර්තා මන්ත‍්‍රීවරුන්ට දෙන්න. මේවා විශාල මුදලක් වියදම් කොට සකස් කරපු වාර්තා. මේවා මහජනතාවට අයිති ඒවා. ඒ විතරක් නෙවෙයි දැන් වෙන වෙන කතා කියන්නේ නැතුව හැකි ඉක්මනින් කෝප් කමිටුව කැඳවන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මම ප‍්‍රශ්න කරනවා විගණන වාර්තා මන්ත‍්‍රීවරුන්ට ලබාදීම ගැන කතානායකවරයාට තීරණයක් ගන්න බැරි ඇයි කියලා.” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

බැඳුම්කර වංචාව සහ වෝහාරික විගණනය පිලිබඳ ඔබ දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් මේ.

➡ බැඳුම්කර වංචා සෙවීම සඳහා වෝහාරික විගණනයක් කරන ලෙස කෝප් කමිටුව සහ ජනාධිපති විශේෂ කොමිසම ඉල්ලා සිටියේය.

➡වෝහාරික විගණනය සඳහා අන්තර් ජාතික විගණන සමාගම් දෙකකට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 900 ඉක්මවයි.

➡එම විශේෂ විගණනය සඳහා වසර දෙකක් ගත විය.

➡ 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා වසර 15ක කාලයක විකුණු රුපියල් කෝටි පන් ලක්ෂ හැට දහසක බැඳුම්කර පිළිබඳ විගණනය කෙරිණි.

➡බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන් අතට පත්වූවොත් එම වාර්තා මහජනතාවගේ පරිහරණයටත් විවෘත වේ.