Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වර්ධනය වන මැද පෙරදිග යුධමය තත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් කඩිනමින් අහෝසි කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින් ජනාධිපති තුමා වෙත ලිපියක් යවා තිබෙනවා.

ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ලැබ ඇති යුදමය තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවයි.

විශේෂයෙන්ම සෝපා ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවන්ට පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමටත් ආපසු යාමට ඔවුන්ගේ යුධ ගුවන්යානා හා අනෙකුත් උපකරණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් එසේම ලංකාවේ පාලනයට යටත් නොවන ඔවුන්ටම ආවේණික සන්නිවේදන පද්ධතියක් පවත්වා ගැනීමටත් යුද්ධයට අවශ්‍ය කරන සියලු කටයුතු සිදුකිරීමටත් ඉඩ ලැබෙන බව මන්ත්‍රීවරයා මෙම ලිපිය මගින් සඳහන් කරනවා.