Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේදී එළඹෙන 17 වෙනිදා ආරම්භ වනවා.

පෙබරවාරි 9 දක්වා තරගාවලිය ක්‍රියාත්මකයි. මෙවර මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ 13 වතාවටයි.

ගියවර ශූරතාවය දිනාගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

මෙවර ලෝක කුසලානයට සහභාගී වන 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙවර නායකත්වය හිමිව තිබෙන්නේ ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන් දනන්ජයටයි.

මේ අතර ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වරම් අහිමි වූ වේග පන්දු යවන දිල්ශාන් මධුශංකට මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබීම විශේෂත්වයක්.

ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙදී දස්කම් අතර සිටි වේග පන්දු යවන චමිදු වික්‍රමසිංහට පිට කොන්දේ ආබාධයක් නිසා ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම

නිපුන් ධනංජය (නායක),

නවෝද් පරණවිතාන,

කමිල් මිශාර,

අහන් වික්‍රමසිංහ,

සොනාල් දිනූෂ,

රවිඳු රසාන්ත,

මොහොමඩ් ශමාස්,

තවීෂ අභිෂේක්,

චමිඳු විජේසිංහ,

අෂේන් ඩැනියෙල්,

දිලුම් සුධීර,

කවිඳු නදීෂාන්,

ඩිල්ෂාන් මධුශංක,

මතීෂ පතිරණ,

අම්ෂී ද සිල්වා.