Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ආර්.මුරුගාදොස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු රැජිණි කාන්ත් රංගනයෙන් දායක වන Darbar දමිළ චිත්‍රපටය ජනවාරි 09 වන දින ලොව පුරා සිනමාහල් වල ප්‍රදර්ශණය කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපටියට පෙර රැජිණි කාන්ත් රඟ පෑ "පේටා" චිත්‍රපටිය අති සාර්ථකව තිරගත වුණු අතර දමිළ සිනමා රසිකයින් Darbar චිත්‍රපටිය පිළිබඳව ද විශාල බලාපොරොත්තු තබා තිබෙනවා.

රැජිනි කාන්ත් වසර 27 කට පසු මෙම චිත්‍රපටියේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට පණ පොවන අතර ඔහුගේ අවසන් පොලිස් භූමිකාව 1992 තිරගත වූ පාන්ඩියන් චිත‍්‍රපටය හරහායි දැකගැනීමට හැකි වුණේ.

එමෙන්ම සුනිල් ෂෙට්ටි ප්‍රධාන ප්‍රතිවිරුද්ධ චරිතය සඳහා රංගනයෙන් දායක වන අතර, ඔහු රඟපානු ලබන දෙවන දමිළ චිත්‍රපටය මෙය වේ.

මීට අමතරව නයනතාරා සහ නිවෙතා තෝමස් රංගනයෙන් දායක වන අතර අනිරුද් රවිචන්දර් මෙහි සංගීත නිෂ්පාදකයා ලෙස කටයුතු කරයි.