Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

තරුණියන් ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වීම ලොව පුරාම මේ වනවිට සැළකිය යුතු මට්ටමේ ඛේදවාචකයක් බවට පත්ව අවසන්. කලක් ශ්‍රී ලංකාව තුළ ද මෙවන් ඛේදවාචක අපට නිරන්තරයෙන් අසන්නට ලැබුනා.

නමුත් වර්ථමාන ඉන්දියාව මෙම සමාජීය ප්‍රශ්නය පිළිබඳව සිනමා නිර්මාණ ඔස්සේ වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. එය ඉතාම හොඳ නැඹුරුවක්. ආසන්නතම උදාහරණය ලෙස 'උයාරේ' මලයාලම් චිත්‍රපටය සහ 'බිගිල්' චිත්‍රපටයේ අතුරු කතාවක් හරහා මේ අමානුෂික සමාජීය කාරණය ගැන සංවේදීව කතා කර තිබුනා.

ලක්ෂ්මී අගර්වාල් නම් තරුණිය 2005 වසරේදී 15 හැවිරිදි වියේ සිටියදී දරුණු ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමේ සිදුවීම පාදක කරගෙන 'Chhapaak' චිත්‍රපටය නිර්මාණය කර ලක්ශ්මිගේ සැබෑ කතාව ලෝකයාට කියන්න මේඝ්නා ගුල්සාර් (අධ්‍යක්ෂණය) පියවර ගත්තා.

ලක්ෂ්මි අගර්වල්ගේ චරිතය නිරුපණය කිරීම සඳහා දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන අතර මෙම චිත්‍රපටිය දිපිකාගේ පළමු නිෂ්පාදනය ද වනවා.

දැනටමත් මෙහි පුර්ව ප්‍රචාරක පටය ඔබට යූටියුබ් හරහා නැරඹිය හැකි අතර ලොව පුරා සිනමා රසිකයින් රැසක් මෙම චිත්‍රපටිය පැමිණෙන තුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි .

එළඹෙන ජනවාරි 10 වන දින මෙම චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් වලට නිකුත් කිරීමට නියමිතයි.