Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

31 හැවිරිදි අසිත් මුතුකුමාරණ පුත්තලම දළුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා ලෙස කටයුතු කරනවා.

මේ ඔහුගේ දුෂ්කර පාසල් සේවයේ 06වන වසරයි.

ඔහු වඩාත් අවධානයට පාත්‍ර වන්නේ 2018 වසරේ ලෝකගුරු සමුළුව මගින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරු තරුවට හිමි සම්මානයට තමා සතු වීම සහ වසරේ හොඳම රාජ්‍ය සේවකයින් 10 දෙනා අතරටද එක්වීමෙන්.

මේ සියල්ල ඔහුට හිමිවන්නේ වෘත්තියට සීමා නොවූ ඔහුගේ කැපකිරීම් නිසයි.

අසිත් මුතුකුමාරණ මහතා පවසා සිටියේ, බොහෝ මිනිසුන් රාජ්‍ය සේවකයින්ට බොහෝ දේ කර ගත හැකි බව පවසන නමුත් ඔවුන්ගේ ඇතුළාන්තය බොහෝ සෙයින් වෙනස් බවයි.

කල්පිටිය යනු බොහෝ සෙයින් දුෂ්කර ගම්මානයක් බවත්, තමා මෙතක් සිදු කරනු ලැබුවේ සමස්ත ලංකා ජයග්‍රහණ උදෙසා ළමුන් වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කිරීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

"සල්ලි හොයා ගන්න අමතර පන්ති කළත් බොහෝ වේලාවට එන්නේ අසරණ ළමයි .සමහර දිනක ඔවුන් වෙනුවෙන් නොමිලේ පන්ති පවත්වා පාරාටා දෙකක් කාලා ජීවිත් වු අවස්ථා තියනවා"

අසිත් මුතුකුමාරණ - 0717604525