Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේ දී බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකරුවන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙම විදෙස් ජාතිකයා මාලදිවයින් ජාතිකයෙක් වන අතර ඔහු වයස අවුරුදු 30-35 ත් අතර වියේ පසුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. එම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අදින ලද චිත්‍රයක් මේ වන විට මාධ්‍ය වෙත ලබාදී ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නා අයෙක් වේ නම් පහත සඳහන් දුරකථන අංකයන් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ : 0112-326936
ස්ථානාධිපති                                   : 0718591774