Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සුප්‍රකට ක්ෂණික ආහාර අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ඊස්ටර්බ්රුක් සේවයෙන් නෙරපා තිබෙනවා. ඒ තම සේවාදායකයෙකු සමඟ කිසියම් පෞද්ගලික සබඳකමක් තබා ගැනීම යන වරදටයි. සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කෙරෙන එවැනි අවස්ථාවක ඔහුව ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔහුට පෙර එම ධූරය දැරූ ක්‍රිස් කිම්ප්සේන්ස්කි පත් කර තිබෙනවා.

52 හැවිරිදි ස්ටීව් දියණියන් තිදෙනෙකු සිටින දික්කසාද වී ඇති අයෙකි. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඔහු මැක්ඩොනල්ඩ් වෙනුවෙන් තමන් කැප කළ කාලය ගැන පසුතැවෙන බවත් මැක්ඩොනල්ඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයත් ඔවුන්ගේ වැරදි විනිශ්චය ගැන පසුතැවෙනු ඇති බවත් ය.

පසුගිය වසර සඳහා මැක්ඩොනල්ඩ් ඔහුට වැටුප් ලෙස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 15කට වඩා ගෙවා තිබෙනවා. ඔහු 2015 සිට මෙම තනතුර බාර ගන්නා විට මැක්ඩොනල්ඩ් සමූහය ඉතාමත් බරපතල ලෙස ලාභය අවප්‍රමාණය වෙමින් පැවතිනි. එනමුත් ඔහුගේ නායකත්වය යටතේ නව තාක්ෂණික අංගෝපාංග සහ උබර් වැනි නව තාක්ෂණික ආයතන සඳහා ද මැක්ඩොනල්ඩ් විවෘත කරමින් වන විට සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ස්ටීව් ව ඉවත් කර නැවතත් 2015 වන තෙක් එම තනතුර දැරූ ක්‍රිස් වෙත එම තනතුර පිරිනමා තිබෙනවා.