නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 195කට සීමා වෙයි.

ශ්‍රී ලංකාව – නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා.

තෙවන දිනය අවසානයේ තරඟය නිමා කරන විට තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්ත දක්ෂ පිතිකරුවන් දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ලසිත් ඇඹුල්දෙණිය හා ධනංජය සිල්වා සමත් වුණා.

මෙහිදී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 4ක් සහ ධනංජය සිල්වා කඩුලු 2 ක් දවා ගැනීමට සමත්කම් දැක්වුවා.

අද උදෑසන තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් ලබා ගෙන පළමු ඉනිම ජයගත්තා