කාන්තාවන් සවිබල ගැන්වීමට Facia වෙතින් අලුත් වැඩක්.

0
69

ඇලරිස් ලංකා සමූහ ව්‍යාපාරය නිරතුරුවම ශ්‍රී ලාංකික ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහළ නිෂ්පාදන සපයනවා.ඒ වගේම ඔවුන් ලංකික ජනතාවගේ සිතුවිලි සහ ඕනෑ එපාකම් හඳුනාගෙන සමාජ සුභසාධක ව්‍යපෘති ද නිරතුරුම සිදු කරනවා.

ඇලරිස් ලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක තරංග ලංකා වීරවර්ධන මහතාගේ ” Facia දිවියට දිරිය ” සංකල්පයට අනුව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන අතර එහි දිගුවක් ලෙස ලාංකික කාන්තාවන් බලගැන්වීමේදී “Facia Academy of Beauty ” ජූනි මස 22 වන දින ආරම්භ කරනු ලැබුවා.

එහි පළමු කණ්ඩායම බඳවාගැනීම එදින සිදු වූ අතර මෙම පාඨමාලාව ප්‍රවීණ රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පිනී නදීෂා ද සිල්වා මහත්මිය විසින් මෙහෙයවනු ලබනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමයි.

පිළිගත් ආයතනයක් මඟින් හා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ සම්පත් දායකත්වයෙන් මෙවැනි පාඨමාලාවක් නොමිලේ පැවැත්වීම පිළිබඳව දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් පැමිණි තරුණයින් ස්තූති පූර්වකව අදහස් ද දැක්වූවා.