> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අගමැති මෝදීගෙන් නව වාර්තාවක්
- URL: https://www.citizen.lk/new-report-from-prime-minister-modi/
- Published: 2026-03-23T05:29:14.000Z
- Updated: 2026-03-23T05:29:34.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

March 23 (Citizen.lk News)- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, මීට පෙර Sikkim ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ දින 8,930ක වාර්තාව අභිබවා යමින් මෝදි මහතා ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක නායකත්වය දැරූ පුද්ගලයා බවට පත්ව ඇති අතර ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැරූ සමස්ත සේවා කාලය මෙම වාර්තාවට පදනම් වී තිබෙනවා.

තම පාලන කාලය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත්, ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් ලෙස නැගී සිටින බවත්ය.