නව විපක්ෂ නායක කරු ජයසුරිය – රනිල් කැමැත්ත පළකරයි

නව විපක්ෂ නායකවරයා ලෙසට කථානායක කරු ජයසුරිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය කැමැත්ත පළකර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකත්වයක් සමග ඉදිරියට රැගෙන යාමේ කොන්දේසිය ඇතිව කරු ජයසුරිය මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් පැවති සාකච්ජා දෙකක් සඳහා සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිවරයා සහභාගී නොවීම නිසා බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

යම් හෙයකින් විපක්ෂ නායක ධුරය සඳහා කරු ජයසුරිය පත් කරනු ලැබුවහොත් ඔහුට කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනු ඇති.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න