වයඹට සහ ගම්පහට යළි ඇඳිරි නීතිය.

0
261

වයඹ පළාතට හා ගම්පහ දිස්ත්‍රික්කයට අද පස්වරු 7 සිට නැවත පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ආරක්ෂක තත්වය දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ මෙය පසුදින අළුයම 4 දක්වා පැනවෙන බවයි.

ඒ මහතා කියා සිටියේ ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිදිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ , වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශවලට මෙම කාලය තුළ පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක බවයි.