> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සීනි අන්තර්ගත පාන සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
- URL: https://www.citizen.lk/new-amendments-regarding-color-coded-labeling-for-sugar-sweetened-beverages-have-been-gazetted/
- Published: 2026-07-02T08:03:00.000Z
- Updated: 2026-07-03T08:08:35.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

July 02 (Citizen News) - 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 08කට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5 ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු බවට නව උපලේඛනයේ සඳහන් වනවා.

මෙහිදී සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන්ද හඳුන්වා දී තිබෙනවා.

![](https://www.citizen.lk/content/images/2026/07/6a470e58bf2d6pdf_page_2.jpeg)