National Geography නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හැරී කුමරු අතට

එංගලන්තයේ හැරී කුමරුන් වෙනුවෙන් පුරා දවසක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙන් කරන්නට සුප්‍රකට National Geography සඟරාව පසුගියදා කටයුතු කළා. ඒ හැරී කුමරුන් විසින් තමන් ලබාගත් ඡායාරූප ප්‍රදර්ශනය සඳහා National Geography යොදාගැනීමට ගත් තීරණයකට අනුවයි.


හැරී කුමරු මෙලෙස ප්‍රදර්ශනය සඳහා එක් කළ ඡායාරූප වල දැක්වෙන්නේ විවිධ ස්ථාන වල ඇති වෘක්ෂයන්ගේ ඡායාරූපයි. මෙලෙස ගස් වල ඡායාරූ පමණක් ඉදිරිපත් කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ පෘථිවිය මත ඇති වෘක්ෂලතා වල වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ අවධානය යොමුකරවා ගැනීමයි.

ලුකින්අප් lookingup ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය ඔහු විසින් වෘක්ෂලතා අගය කිරීමටත් සුරැකීමටත් මිනිසුන් උනන්දු කිරීමට යොදාගැනීමට නියමිතයි. මෑතකදී ඔහු දකුණු අප්‍රිකාවේ ද සංචාරය කළ බව අපි ඔබ වෙත ගෙන ආ ලිපියකින් පැවසූ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැහැ.

කෙසේ වෙතත් හැරී ඔහුගේ මව ඩයනා කුමරිය ලෙසම ආදර්ශමත් නායකත්වයේ ගමනක් යන බව විචාරක මතයයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න