නාමල් – ලිමිනි විවාහ උත්සවය අද රෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය අද (12) රාත්‍රියේ වීරකැටිය මැදමුලන කාල්ටන් නිවසේ දී පැවැත්වේ. ඒ ඥාතීන් ගේ සහ ප්‍රදේශවාසීන් ගේ සහභාගීත්වයෙනි.

33 හැවිරිදි නාමල් විවාහ වන්නේ 22 හැවිරිදි ලිමිනි වීරසිංහ සමඟයි.

අද උදෑසන කොළඹදී විවාහ ලියාපදිංචිය සිදුකළ බවත් රාත්‍රී නිවසේ සාදය පැවැත්වෙන බවත් සඳහන් ය.

අනතුරුව ලබන (17) වනදා ගල්කිස්ස මහ හෝටලයේදී ප්‍රභූන් දේශපාලනඥයින් සමග දෙවැනි ගමන සැමරෙන බවත් වාර්තාවේ.