නාමල් – ලිමිනි ප්‍රේම කතාව (Exclusive)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ගේ දෙටු පුත් නාමල් රාජපක්ස අද විවහා දිවියට එළඹේ. ඒ ලිමිනි වීරසිංහ සමඟයි.

ලිමිනි වීරසිංහ බිෂොප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් මෙන්ම ඇය ලංකාවේ සිටින ලාබාලතම DJEMBE වාදන ශිල්පිනියයි.

පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය සංගීතයට ප්‍රිය කරන තරුණියක් ලෙස සැලකිය හැකියි. ඇය දැන් 22 වන වියේ පසු වේ.

ලිමිනි වීරසිංහ යනු ලංකා ස්පෝර්ට් රයිසන් නමැති ප්‍රකට සංචාරක ආයතනයේ හිමිකරුවෙකු වන තිලක් වීරසිංහ ගේ සහ අරුණි වික්‍රමරත්න ගේ දියණියයි. තිලක් වීරසිංහ ක්‍රීඩාවට දැඩි ලෙස ලැදි ක්‍රීඩාව සංචාරක කර්මාන්තයට යෙදුවූ ව්‍යාපාරිකයෙක් සහ අරුණි වික්‍රමරත්න ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක් බව සඳහන් වේ.

ලිමිනි විසින් “ඝෝෂා” 2017 නමින් හැඳින්වූ ප්‍රසංගයට සහභාගී වූ අවස්ථාවේ බිෂොප් විද්‍යාලයට එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාමල් රාජපක්ස ට ආරාධනා ලැබී තිබිණි. එවක පටන් ඔවුන්ගේ ප්‍රේමය දළුලා ඇති අතර අද ඔවුන් එහි සාර්ථකත්වයට ලඟාවෙමින් විවාහ පත් වේ.