නිර්නාමික ලිපියක් නිසා නල්ලූර් කෝවිලේ ආරක්ෂාව තර කෙරේ.

0
183

යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද (17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තරකර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බව ආරක්ෂක අංශ පැවසුවා.

යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද ආරක්ෂක අංශ පැවසුවා.

නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව තරකරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පොලිසිය හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව එහි නිලධාරීහු පැවසුවා.

ආරක්ෂක තත්වය හේතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ පවසනවා.

ලැබී තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here