මොහොමඩ් ෂෙසාඩ්ගේ තරඟ තහනම්.

ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරඟ තහනමක් පනවා තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු අවස්ථා කිහිපයකදී ම ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමකින් තොරව රටින් පිටව ගොස් ඇති අතර එලෙස විදෙස්ගත වන්නේ නම් ක්‍රිකට් ආයතනය දැනුවත් කල යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අතරතුර දී මොහොමඩ් ෂෙසාඩ් යළි තම රටට එවීමට එරට බලධාරීන් කටයුතු කළේ, ඔහු ආබාධ තත්ත්වයකට ගොදුරු වී ඇති බව සඳහන් කරමින්.