මෝදිගේ පදවි ප්‍රාප්තියට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්.(PHOTOS)

0
128

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා වුණා.

ජනාධිපතිතුමා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් හරසරින් පිලිගනු ලැබූ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට සෙසු රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here