> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක්
- URL: https://www.citizen.lk/minor-flooding-expected-along-the-kelani-river-in-the-next-48-hours/
- Published: 2026-05-22T05:12:19.000Z
- Updated: 2026-05-22T05:12:19.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

May 22 (Citizen News) - කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

ඒ අනුව, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ය.

ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.