ලංකාවේ සිටින තුර්කි ජාතිකයන් පිරිසකට හමුදා ආරක්ෂාව.

0
324

ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීමට මෙරටට ගෙන ආ තුර්කි ජාතිකයන් 97 දෙනෙක් රැඳී සිටින කිරිබත්ගොඩ කෝන්ගහවත්ත පාරේ නිවාස පහකට හමුදා ආරක්ෂාව ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක් මත ආරක්ෂක අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබුණා.

ඇමෙරිකානු කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු භාරගත් ඇමෙරිකානු සමාගමක් වන කැඩ්ඩෙල් කන්ස්ට්‍රක්ෂන් නමැති ආයතනය මගින් ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙම නිවාස පහ කුලියට ගෙන ඇත්තේ තුර්කි ජාතිකයන්ට නවාතැන් දීමටයි.

බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග මත ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල සිටින විදේශිකයන්ගේ වාර්තා මේ සතිය වන විට රැස් කිරීමට පටන්ගෙන තිබෙනවා.

විමර්ශනයට අනුව මෙම සිකුරාදා වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ විදේශිකයන් 285 ක් නවාතැන්ගෙන සිටින බව හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here