වෙළඳ සේවා විවෘත චෙස් තරඟාවලියක්

සේව්‍ය ඵලදායීතාව ඉහළ නැවීමට චෙස් තරඟාවලියක්

දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෙළඳ සේවා ආයතන සංවිධානය කළ විවෘත චෙස් තරඟාවලියක් පසුගියදා රාජකීය විද්‍යාල නිපුණතා සංවර්ධන ආයතනයේ දී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවැත්වුණු අතර එහිදී තවත් ආයතන ගණනාවක සේවක මණ්ඩල වලින් චෙස් කණ්ඩායම් කැඳවා තිබුණා.

ඔවුන් මෙම ඉසව්ව සංවිධානය කර තිබුණේ, තම ආයතනයේ සේවක සේවිකාවන්ගේ කාර්ය බහුල ජීවන රටාවෙන් මිදී, ඔවුන්ගේ මානසික මට්ටම වඩා උසස් සහ කාර්යක්‍ෂම මට්ටමකට ගෙන ඒමේ අරමුණින් වේ. ඒ අතරතුර තවත් ආයතන කීපයක සේවක සේවිකාවන් සමඟ එම අවස්ථාව බෙදා ගැනීමට ද ඔවුන් කටයුතු කළා.

එමෙන්ම බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව ලෙස නම් දරා ඇති චෙස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ද මෙම අවස්ථාව ඉවහල් වනු ඇතැයි එම ආයතනයේ අපේක්ෂාවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න