ඔබේ ඔසප් වීමට හේතුව චන්ද්‍රයා ද?

චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම ග්‍රහ වස්තුවයි. එබැවින් වෙන කිසිදු ග්‍රහ වස්තුවකට වඩා චන්ද්‍රයා ගැන මිනිසුන්ගේ අවධානය යොමු කළහ. එබැවින් ජ්‍යෝතිෂ්‍ය වැනි ශාස්ත්‍ර වල ද චන්ද්‍රයා ගේ බලපෑම ගැන දිගින් දිගටම කතා කෙරෙන්නේ මෙවැනි පසුබිමකයි.

කෙසේ වෙතත් චන්ද්‍රයාට සම්බන්ධ කර කතා කෙරෙන මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කාරණා කීපයක් තිබේ.

ඔසප් වීමට හේතුව චන්ද්‍රයා ද

සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28කින් සමන්විත වන අතර දැනුදු ඇතැම් කාන්තාවක් ඔසප් චක්‍රය, සහ ඔසප් දිනය පොහොය දිනට හෝ චන්ද්‍රගේ ගමනට සම්බන්ධ කර කතා කරනු ලැබේ.

ඔබේ ඔසප් චක්‍රය චන්ද්‍රයාගේ ගමනට සංසන්දනය කෙරෙන ජංගම දුරකථන යෙදවුම් සහ වෙබ් අඩවි පවා දැකගත හැකියි.

එමෙන්ම කාන්තාවන්ගේ සරු කාලය සහ නිසරු කාලය චන්ද්‍රයාගේ අඳුරු පැත්ත සහ එළිය පැත්තට සමාන කිරීම් ද දැකගත හැක. චන්ද්‍රයා ආසන්න වශයෙන් දින 28කින් පෘථිවිය වටා ගමන් කරයි.

කලකට පෙර සිදු කළ ඇතැම් පර්යේෂණ වලින් පෙන්වා දෙන්න පොහෝ දින හෝ ඉන් පසුව අව පක්ෂයේ දින වලදී ගැබ් ගන්නා කාන්තාවන් බොහෝ විට පිරිමි දරුවන් ප්‍රසූත කිරීමට වැඩි ඉඩක් ඇති බවත් පුර පක්ෂයේ දින වල ගැබ් ගන්නා කාන්තාවන් ගැහැණු දරුවන් බිහි කරන බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම Menstrual – Moon යන වචන වල ඇති ළඟ උච්චාරණය ද ඇතැමුන් මෙම මතය සඳහා යොදාගන්න තර්කයකි.

නින්දට බලපාන සඳ

ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ පුර හඳ දිනට බොහෝ විට ඔබට නින්දේ සහ සුව නින්දේ වෙනස හඳුනා ගත හැකි බවයි. පුර හඳ දිනට ඔබට සුව නින්දක් ලැබීමට ඇති අවස්ථාව අවම බවත් පැවසේ.

එමෙන්ම කරන ලද පර්යේෂණයකින් පැවසුනේ සඳ එලිය නොඑන කාමරයක අඳුරේ සිටියත් ඔබට පුර හඳ දිනට නින්ද යාමට අමතර මිනිත්තු 5ක් ද ඔබේ නිදා ගන්න සාමාන්‍ය වේලාවෙන් මිනිත්තු 20ක් පමණ අඩු වන බවයි.

පුර සඳ දවසට පිස්සොත් කලබල ද?

ඇතැම් පාරම්පරික විශ්වාස අනුව පුර හඳ දවසට මිනිසුන්ගේ මානසික තත්වය තරමක් ආවේග ශීලී වන බවත්, මානසික රෝගීන්ට එම තත්ත්ව උත්සන්න වන බවත් පැවසේ.

පෝය දවසට ආගමික වතාවත් වල යෙදීමට හේතුවක් ලෙස ද මෙම කාරණය පෙන්වා දෙයි.

නමුත් මෙතෙක් විද්‍යාත්මකව මෙම කාරණය ඔප්පු වී නොමැත.

සඳ හඳුන්වන Moon/Lunar වැනි වචන වලට සමාන ශබ්දයක් ඇති moony, lunatic, lunacy හෙවත් පිස්සු යන අර්ථය දෙන ඉංග්‍රීසි වචන වල මුල් ලතින් අර්ථය සඳ යන්නයි.

(Medical News Today ඇසුරින් සකස් කරන ලදි)

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න