> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මෙලනියා ට්‍රම්ප් ඉතිහාසගත වෙයි
- URL: https://www.citizen.lk/melania-trump-makes-history/
- Published: 2026-03-03T07:13:37.000Z
- Updated: 2026-03-03T07:13:56.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

March 03 (Citizen.lk News) - ඉරානයට එල්ල වන අමෙරිකානු හමුදා ප්‍රහාර නිසා සන්නද්ධ ගැටුම්වලට මැදි වූ දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ මුලසුන අමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් විසින් හොබවා ඇති බව වාර්තා වනවා.

ලෝක නායකයකුගේ බිරිඳක් හෝ ස්වාමිපුරුෂයකු මෙවැනි ආරක්ෂක මණ්ඩල රැස්වීමක මුලසුන හෙබවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වන අතර මෙම මස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය අමෙරිකා එක්සත් ජනපදයට හිමිව තිබීම හේතුවෙන්, ඇය අමෙරිකාව වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.