රජ පවුල රකින විවාහ පිළිබඳ අමුතු චාරිත්‍ර ඇමරිකානු රජ කුමරිය බින්දා ද

බ්‍රිතාන්‍ය රජ පවුලේ නව සාමාජිකාව වන ඇමරිකානු සම්භවයක් ඇති. මේගන් මර්කල් කුමරිය පසුගිය දා රෝමයේ පැවති තම මිතුරියක ගේ විවාහ මංගල්‍ය උත්සවයකට පවුම් 8,000ක් වටිනා Black Valentino Puff වර්ගයේ ගවුමකින් සැරසී සිටියාය.

එහි රුපියල් වටිනාකම 1,807,618 (ලක්ෂ 18) වන අතර එම ඇඳුම මිශා නොනෝ විසින් නිර්මාණය කර තිබිණි.

පවුම් 8,000ක් වටිනා Black Valentino Puff ගවුම

විවාහ වලට අඳින පළඳින හැටි

මෙහිදී ඇයගේ ඇඳුමේ වටිනාකමට වඩා වැඩියෙන් අවධානය යොමු වූ කරුණක් වන්නේ ඇය විසින් බ්‍රිතාන්‍ය චාරිත්‍ර නොසලකා හැරීමක් ගැනයි.

ඒ විවාහ සඳහා තනි කළු වර්ණය භාවිතය නුසුදුසු යන අදහසයි. බොහෝ විට එලෙස කළු වර්ණය සහිත ඇඳුම් යොදාගන්නේ නම් සුදු වර්ණය මිශ්‍ර කර යොදාගනු ලබයි. සාමාන්‍ය කතෝලික, ක්‍රිස්තියානි හෝ බටහිර අභාෂය සහිත රටවල් වල සහ සමාජ වල දැකගත හැකි චාරිත්‍රය වනුයේ සුදු පැහැය සුබ අවස්ථා සඳහා ද, කළු පැහැය අවමංගල්‍ය වැනි අවස්ථා සඳහා ද යොදා ගැනීමයි.

බ්‍රිතාන්‍ය රජ පවුල චාරිත්‍ර පිළිබඳ දැඩි ලෙස කල්පනා කරන පිරිසක් ලෙස ලෝකයේ රජ පවුල් අතර හැඳින්වේ.

කෙසේ වෙතත් මෑතකදී මවක් වූ ඇයට සුබ පතනවා වෙනුවට ඇයගේ ඇඳුම ගැන ප්‍රශ්න කිරීම නුසුදුසු බව ඇතැමුන්ගේ අදහසයි.

ලංකාවේ සුදු කළු වර්ණ ගැන අදහස කෙසේ ද?

ලංකාවේ නම් අවමංගල්‍ය කටයුතු සඳහා සුදු වර්ණය යොදාගන්න අතර කළු වර්ණයේ ඇඳුම් පැළඳුම් ගැන නිශ්චිතව යමක් පැවසිය නොහැක. කෙසේ වෙතත් අවමංගල්‍ය සඳහා යොදාගන්න සුදු පැහැය කිසිසේත් විවාහයකට යන ආරාධිතයන් හැඳගෙන යන්නේ නැත. එමෙන්ම අසාධ්‍ය රෝගීන්ගේ සුව දුක් බැලීම සඳහා ද සුදු වර්ණය හැඳගෙන නොයයි.

එනමුත් ලංකාවේ ද කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාව ද ඉහත බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරනු දැකගත හැකියි. ඔවුන් අවමංගල්‍ය අවස්ථා සඳහා නිසැකවම කළු වර්ණයෙන් සැරසෙයි. එමෙන්ම උත්සව අවස්ථා සඳහා සුදු පැහැති ඇඳුම් අඳින පළඳින අවස්ථා ද විරල නොවේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න