> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මාතලේ රේස් පැද්ද අයට වැඩ වරදී
- URL: https://www.citizen.lk/matale-race-cyclists-face-work-ban/
- Published: 2026-01-23T07:00:01.000Z
- Updated: 2026-01-23T07:00:01.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

January 23 (Citizen.lk News) - මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද පුද්ගලයින් සමඟ යතුරුපැදි දහයක් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය සඳහන් කරනවා.

එම යතුරුපැදි අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක්ද මේ අතර වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 23 අතර තරුණයින් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.