> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අද මැයි රැලි රැසක්
- URL: https://www.citizen.lk/many-may-day-rallies-today/
- Published: 2026-05-01T03:40:00.000Z
- Updated: 2026-05-04T03:40:55.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

May 01 (Citizen News) - අදට (1) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මෙරට දේශපාලන පක්ෂ රැසක් සිය කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, ජාතික ජන බලවේගය, මෙවර මැයි රැලි 21ක් දිස්ත්‍රික්ක 21කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන රැලි සඳහා එක්වීමට නියමිතය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

සර්වජන බලය සංවිධාන කරන මැයි දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දීද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.