> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ගම්පහ දිස්ත්‍රික් කාය වර්ධන ශූරතාවලියේදී කිත්මගෙන් විශිෂ්ට දස්කම් රැසක්!
- URL: https://www.citizen.lk/many-excellent-performances-by-kithma-aloysius-at-the-gampaha-district-bodybuilding-championship/
- Published: 2026-06-23T03:32:38.000Z
- Updated: 2026-06-23T03:34:05.000Z
- Author: Dhanu Kulathunga
- Tags: කෙළිබිම

June 23 (Citizen News) - පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු '2026 අවුරුදු 21න් පහළ කනිෂ්ඨ ගම්පහ දිස්ත්‍රික් කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා ශූරතාවලියේදී' (Junior Bodybuilding Competition under 21 years - Mr. Novice Gampaha 2026), විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට කිත්ම ඇලෝසියස් සමත්විය.

#### කිත්ම ඇලෝසියස් ලබාගත් ජයග්‍රහණ:

- **අවුරුදු 21න් පහළ කනිෂ්ඨ කාය වර්ධන (Junior Bodybuilding):** ප්‍රථම ස්ථානය (රන් පදක්කම)
- **අවුරුදු 21න් පහළ කනිෂ්ඨ ශාරීරික යෝග්‍යතා (Junior Physique):** දෙවන ස්ථානය (රිදී පදක්කම)
- **අවුරුදු 23න් පහළ (කි.ග්‍රෑ. 70ට වැඩි) කනිෂ්ඨ කාය වර්ධන:** දෙවන ස්ථානය (රිදී පදක්කම)