බෝම්බ ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා හෝටලය වීඩියෝ කළ පුද්ගලයෙක් අල්ලයි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට දින 4කට පෙර හෝටලය තුළ හා පිටත වීඩියෝ කළ පුද්ගලයකු කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කළා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලබාදුන් තොරතුරු මත CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුවාහිබ් මොහොමඩ් සුල්ජිකාර් නමැති 36 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු හා එක්ව ෂැංග්‍රිලා ප්‍රහාරයට දින 4කට ඉහතදී පෙරවරු 8.30ට පමණ මෝටර් රථයකින් පැමිණ හෝටලය වීඩියෝ ගත කර තිබෙනවා.