මාලිගේ බලාපොරොත්තු සුන්වන ලකුණු.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ලසිත් මාලිංග බංග්ලාදේශය හා පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසුව එක්දින පිටියට සමුදීමට සූදානම් බවට ඉඟි පළවෙමින් තිබෙනවා.

මාලිංග මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී තමා හා නුවන් කුලසේකර එකට ක්‍රිඩා කරමින් දෙදෙනාම පිටියෙන් සමුගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් බවතින බවයි.

ලෝක කුසලානයට එක්ව සිටි මාලිංග සඳහන් කළේ එය බොහෝ දුරට සාර්ථකවීමට අවස්ථාවක් ඇති බවයි.

බංග්ලාදේශය හා පැවැත්වන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රි ලංකා සංචිතය මේ වන විට නම්කර තිබෙන අතර කෙසේ වෙතත් එම සංචිතයට නුවන් කුලසේකර නම් කර නැහැ.

ඒ අනුව මාලිංග බංග්ලාදේශ තරගාවලියෙන් එක්දින පිටියට සමුදෙන්නේ නම් කුලසේකර හා එක්ව ක්‍රීඩා කිරීමේ ඔහුගේ අරමුණ ඉටු නොවීමට වැඩි ඉඩක් තිබෙනවා.

බංග්ලාදේශ තරඟාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතව තිබුණත් එම තරඟාවලියට එක්දින තරඟ ඇතුළත් කර නැහැ .

අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයටද පත්වූ නුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර ඔහුගේ සමුගැන්ම සටහන් කිරීමට හෝ තරඟයක් ඔහුට නොලැබුණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න