මාලිංග ලෝක කුසලානයට නොයන ලකුණු.

0
823

තවමත් තමන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක ලසිත් මාලිංග පවසනවා.

වැඩිදුරටත් ඔහු සදහන් කළේ ලබන 18 වැනිදා සහ 21 වැනිදා ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරග සදහා තමන්ගේ නම සංචිතයට ඇතුලත් කර නොමැති බවයි.

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණියේ අද (15) උදෑසන වන අතර ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග 12කට සහභාගී වෙමින් කඩුලු 16ක් දවාගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියෙන් පසු ලෝක කුසලාන කණ්ඩායම සමඟ එකතු වන බවයි.