හැට්ට්‍රික් නොවේ “මාලි ට්‍රික්” – වාර්තා පොත් සේම ක්‍රිකට් ශබ්ද කෝෂය අලුත් කල මාලිංග

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තෙවන තරඟයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් මාලිංග ක්‍රිකට් ශබ්ද කෝෂයට නව වචනයක් එක් කළා.

මාලි ට්‍රික්.

ක්‍රිකට් වලට ලැදි මාධ්‍යවේදීන් හදුන්වා දුන් එම වචනය Citizen අපි ද යොදා ගන්නේ ලොව පළමු වරට විස්සයි විස්ස හා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු 4 කදී පිට පිට කඩුලු 4 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙස මාලිංග ඉතිහාසගතවීමට ගෞරවයක් ලෙසින්.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු 4 කදී පිට පිට කඩුලු 4 ක් දවාගත් එකම ක්‍රීඩකයා වන්නේ ද ලසිත් මාලිංගයි.

http://stats.espncricinfo.com/ci/content/records/263626.html

කඩුලු 4 වාර්තා ද්විත්වයටම මාලිංග හිමිකම් කියන පසුබිමක ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු 4 ට හැදින්වීමට මාලි ට්‍රික්ස් හැර වෙන නමක් තිබේද ?