එළඹෙන T 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියෙන් පසුව ද තවදුරටත් තමන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ රැඳී සිටීමට හැකි බව ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා. කෙසේවෙතත් මීට පෙර ප්‍රකාශ වී තිබුණේ ලෝක කුසලානයෙන් පසු මාලිංග T 20 කි‍්‍රකට් පිටියෙන් ද සමුගනු ඇති බවයි.
කෙසේවෙතත් තවත් වසර 02 ක පමණ කාලයක් තමන්ට පන්දුවාර T 20 කි‍්‍රකට් තරඟ සඳහා සහභාගී විය හැකි බව ලසිත් මාලිංග පවසා තිබෙනවා.
තමාගේ හැකියාව පන්දු යවන්නෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ද කළමනාකරණය කරගත හැකි බවයි ඔහු පවසන්නේ.
ලොව පුරා පන්දුවාර T 20 ජාත්‍යන්තර තරඟ රැසකට සහභාගී වී තමන් ලද අත්දැකීම් ඊට හේතුව ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
36 හැවිරිදි ලසිත් මාලිංග පන්දුවාර T 20 කි‍්‍රකට් පිටියේ කඩුළු 100 ක් බිඳ හෙලූ ලොව පළමු සහ එකම පන්දු යවන්නා ද වනවා.
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න